Search

මසකට $ 850 ක් හොයන ජනප්‍රිය Part time Job එකක්

 

 

මසකට අමතර ආදායමක් ලෙස ඩොලර් [$] 850 ක් උපයා ගත හැකි ජනප්‍රිය රැකියාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් වාහන නැවැත්වීම සඳහා කුලියට දී අදායම් උපයා ගැනීමට බොහෝදෙනා යොමුවී සිටින බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ අමතර ආදායම් ගෙන දෙන රැකියා (Side Hustle) විශාල ලෙස ව්‍යාප්ත වී තිබෙනවා.

ඕස්ට්‍රේලියානු කුඩා ව්‍යාපාර ණය සමීක්ෂණයකට අනුව සියයට 40 කට ආසන්න පිරිසක් තම ප්‍රධාන රැකියාවට අමතරව තවත් රැකියාවක යෙදීමට කැමැත්ත පළ කර ඇති බවයි හෙළිවී ඇත්තේ.

සීඩ්නි, මෙල්බන් වැනි නගරවල auto parking ඉඩම් කුලියට දී ඇතමුන් මාසිකව $ 850 ක පමණ ආදායමක් උපයා ගනු ලබනවා.

එහෙත් නීතිඥ අමන්දා ෆාමර් [Amanda Farmer] පවසන්නේ මෙය නීතිවිරෝධී විය හැකි අවදානමක් ද පවතින බවයි.

පෞද්ගලික නිවසක් සහ එය අයත් නියමිත ඉඩමක් ඇත්නම් කුලියට දීමේ හැකියාව පවතිනවා

එහෙත් යුනිට් එකක්, ටවුන් හවුස් එකක් හෝ විලා එකක [unit, townhouse or villa] හිමිකරුවෙක් නම් අදාළ බිම් අයිතිය සහිත පාර්ශව (Strata) පිළිබඳ නීති බලපෑමක් ඇත්දැයි සලකා බලන ලෙසයි ඇය පෙන්වා දී ඇත්තේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »