Search

වික්ටෝරියාවේ අධිවේගී මාර්ගයක වාහන 12 ක් එකිනෙක ගැටෙයි

 

 

වික්ටෝරියා ප්‍රාන්තයේ ගෝර්ඩන් හි [Gordon] බටහිර අධිවේගී මාර්ගයේ වාහන 12ක් එකිනෙකට ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

ඉන් රියදුරෙක් බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මාර්ගයේ ඝන අයිස් තට්ටුවක් හේතුවෙන් අනතුර සිදුවී තිබෙනවා.

මෝටර් රථයක් ට්‍රක් රථයක් යට සිරවී ඇති අයුරු අනතුර සිදුවූ ස්ථානයේ වීඩියෝ දර්ශනවල දැක්වෙනවා.

චැප්මන්ස් පාර [Chapmans Rd] අසල අධිවේගී මාර්ගය පැය කිහිපයක් සඳහා වසා දැමුණු අතර මේ වනවිට එය නැවත විවෘත කර තිබෙනවා.

සීතල හා තෙත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මාර්ගවල ඝන අයිස් තට්ටු සෑදීමේ වැඩි ඉඩක් පවතින අතර අවධානයෙන් රිය පදවන ලෙසටයි රියදුරන්ට අනතුරු අඟවා ඇත්තේ.

අයිස් තට්ටු විනිවිද පෙනෙන බැවින්, ලිස්සන සුළු මතුපිටකදී රියදුරුට වාහනයේ පාලනය ගිලිහී යාමේ අවදානමක් ඇති කරන බවයි වික් රෝඩ්ස් [VicRoad]s පෙන්වා දෙන්නේ.

 

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »