
මෙල්බන් නගරයේ Epworth රෝහලේදී පළමු වතාවටම භාවිතයට ගත් අලුත්ම පිළිකා ස්කැනින් උපාංගය සාර්ථකව පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
Device Technologies විසින් හදුන්වා දුන් මෙම උපාංගය ශල්‍ය වෛද්‍යවරුන්ට ශල්‍යකර්මය අතරතුරම මුළු පිළිකාවම විශ්ලේෂණය කිරීමට ඉඩ සලසනු ලබනවා.
ඒ හරහා පිළිකාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ නිවැරදිභාවය වැඩි වන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

66 හැවිරිදි Joe Giacobello නම් පුද්ගලයකු මෙම උපාංගය භාවිතයෙන් වෘෂණ ශල්‍යකර්මයකට ලක් කර තිබෙනවා.
ඔහු පැවසුවේ, මෙම උපාංගය නිසා තම සුවපත් වීම ඉතාමත් පහසු වූ බවයි.

මෙම නවෝත්පාදනය මගින් ඕස්ට්‍රේලියාවේ පිළිකා ශල්‍යකර්ම වලට ලක්වන රෝගීන්ගේ ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි බවද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.