Search

ඕස්ට්‍රේලියාවේ සමානාත්මතාවයට ලෝකයේ හිමි තැන

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා ඕස්ට්‍රේලියාව ලෝකයේ 13 වන ස්ථානයට පත්වී තිබෙනවා.

එය මෙතෙක් වාර්තා කළ ඉහළම ශ්‍රේණිගත කිරීම බවයි ඔස්ට්‍රේලියානු රජය පවසා ඇත්තේ.

ලෝක ආර්ථික සංසදය (World Economic Forum) නිකුත් කළ Global Gender Gap Index හි විශ්ලේෂණයකින් මෙය අනාවරණය වී තිබෙනවා.

එහිදී රටවල් 148 ක් මත පදනම්ව ස්ත්‍රී පුරුෂ සමානාත්මතා ප්‍රගති සලකා බලා තිබෙනවා.

ආර්ථික සහභාගිත්වය සහ අවස්ථා, අධ්‍යාපන මට්ටම, රාජ්‍ය ක්ෂේත්‍ර නියෝජනය සහ වෛද්‍ය හා සෞඛ්‍ය ප්‍රවේශය වැනි කරුණුයි මෙවර ඉහළ ශ්‍රේණියක් ලබා ගැනීමට හේතු වී ඇත්තේ.

නෝර්වේ සහ ෆින්ලන්තය වැනි රටවල් මෙහි ඉහළම ස්ථාන හිමි කරගනු ලැබුවා.

ඕස්ට්‍රේලියාව මෙම ලැයිස්තුවේ 13 වන ස්ථානයට පත්වීමෙන් ලොව පුරා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වඩා කැපවීමෙන් කටයුතු කළ රටවල් අතරට ඇතුළත් වනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »