
චිත්‍රපට ටිකට්පත්වල සම්පුර්ණ මිල ගණන් ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් Dendy සිනමා ශාලාවට ඩොලර් [$] 19,800 ක දඩයක් නියම කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු තරඟකාරී සහ පාරිභෝගික කොමිෂන් සභාව (ACCC) විසිනුයි මෙම දඩය නිකුත් කර ඇත්තේ.
ACCC පෙන්වා දී ඇත්තේ මිලදී ගැනීමක අවසන් අදියර දක්වා, නොවැළැක්විය හැකි සියලුම ගාස්තු ඇතුළුව, පාරිභෝගිකයින්ට ගෙවිය යුතු මුළු ටිකට්පත් මිල කැපී පෙනෙන ලෙස ප්‍රදර්ශනය කිරීමට Dendy සිනමා ශාලාව අපොහොසත් වී ඇති බවයි.

පාරිභෝගිකයින්ට මුලින් කොටස්වලින් මිල පෙන්වා, පසුව සම්පූර්ණ මිල හෙළි කිරීමෙන්, ඔවුන්ට තීරණයක් ගැනීමේ හැකියාව අඩු වන බව ද ඔවුන් ප්‍රකාශ කරනවා.
Hollywood නළුවකු වන මෙල් ගිබ්සන් [Mel Gibson] සහ ඔහුගේ දිගුකාලීන නිෂ්පාදකයා වන බෲස් ඩේවි [Bruce Davey] 2008 වසරේදී ඩොලර් [$] මිලියන 21 ක මුදලකට Dendy සිනමා ශාලාව මිලදී ගෙන තිබෙනවා.

මේ වනවිට ඔවුන් ඔස්ට්‍රේලියාව පුරා ස්ථාන 6 ක තම සිනමා ශාලා පවත්වාගෙන යනු ලබනවා.