Search

“මට ඔබෙන් උදව් අවශ්‍යයි” – ට්‍රම්ප් පුටින්ට කියයි

 

 

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් [Vladimir Putin] ඉරාන – ඊශ්‍රායල යුධ ගැටුම්වලට උදව් ලබාදීමට යෝජනා කළ ද, තමන් එය ප්‍රතික්ෂේප කළ බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

“මට ඔබෙන් උදව් අවශ්‍යයි” යැයි දුරකථන ඇමතුමක් අතරතුර තමා පුටින්ට ප්‍රකාශ කළ බවයි අමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

ට්‍රම්ප් නෙදර්ලන්තයේ NATO සමුළුවට සහභාගීවීම සඳහා ගුවන් යානයට පිවිසෙමින් සිටි අවස්ථාවේ මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ රුසියාව සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ල කළ ඇමරිකානු ප්‍රහාරයට පෙර හෝ පසුව පුටින්ගේ ඇමතුම පැමිණියේ ද යන්න මෙතෙක් පැහැදිලි කර නොමැති බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ජනාධිපති ට්‍රම්ප් දෙවැනි ධුර කාලය ආරම්භ කිරීමෙන් පසු ප්‍රථම වරට NATO සමුළුව සහභාගි වන අතර, රුසියානු ආක්‍රමණ මධ්‍යයේ යුක්‍රේනයට අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳව එහිදී නායකයින් සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

 

හේග්හි [Hague] පැවැත්වෙන දෙදින සමුළුවේදී ට්‍රම්ප්, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි [Volodymyr Zelenskyy] හමුවීමට නියමිතයි.

කැනඩාවේ පැවති G7 සමුළුවේදී කලින් පිටත්ව ගිය පසු ට්‍රම්ප්, සෙලෙන්ස්කි සමඟ හමුව මඟ හැරි අතර ඉන් යුක්රේන ජනාධිපතිවරයා සහ ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් ද අපහසුතාවයට පත් වුනා.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »