හෙට රෑ 12 සිට මෙල්බර්න් නාගරික කලාපයට වෙනම සීමා / Regional Victoria සීමා ලිහිල් කෙරේ – AusLanka TV – Australian News for the Sri Lankan community

හෙට රෑ 12 සිට මෙල්බර්න් නාගරික කලාපයට වෙනම සීමා / Regional Victoria සීමා ලිහිල් කෙරේ

හෙට රෑ 12 සිට මෙල්බර්න් නාගරික කලාපයට වෙනම සීමා / Regional Victoria සීමා ලිහිල් කෙරේ

මෙල්බර්න් නගරයට පණවා ඇති Lockdown තත්වය තවත් දින 07 කින් දීර්ඝ කෙරේ.

මේ අනුව හෙට එනම් ජූනි 03 වනදා රාත්‍රී 12 න් අවසන්වීමට නියමිතව තිබූ Lockdown තත්වය ලබන 10 වනදා රාත්‍රී 12 දක්වා දීර්ඝ වනු ඇති.

කෙසේවෙතත් පැවති දැඩි සීමා කිහිපයක් ලිහිල් කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය බළධාරීන් තීරණය කර ඇත.

ඒ අනුව

  • වෙළඳසැල් වෙත යාම සඳහා සහ ශරීර සුවතා සඳහා මෙතෙක් පැවති කිලෝමීටර් 05 දුර ප්‍රමාණය කිලෝමීටර් 10 දක්වා ඉහළ දමා තිබේ.
  • 11 සහ 12 ශ්‍රේණි සිසුන්ට නැවතත් අධ්‍යයන කටයුතු ආරම්භ කෙරේ.
  • වතු අලංකරණ (landscaping) / පින්තාරු (painting) / සහ සූර්ය පැනල සවි කිරීම අනුමත රැකියා ලෙස නම් කර ඇත.

මෙල්බර්න් නව සීමා

හෙට (03) රාත්‍රී 12 සිටද මෙල්බර්න් නාගරික කලාපවාසීන්ට නිවසින් පිටතට යා හැකි වනුයේ පසුගිය සතියේදී හඳුන්වාදුන් අත්‍යවශ්‍ය කරුණු 05 සඳහා පමණි.

එනම් රැකියා හෝ අධ්‍යාපනය / සාත්තු සේවා / ආහාර සැපයුම් / එන්නත ලබා ගැනීම සහ පැය 02 ක උපරිමයකට ශරීර සුවතාවල නිරතවීම යි.

ආහාර ලබා ගැනීම වෙනුවෙන් නිවසින් පිටතට යා හැකි වනුයේ නිවසකින් එක් අයෙකුට පමණි.

නිවසේදී හැර සියලු අවස්ථාවල දී මුව ආවරණ පැළඳිය යුතුයි.

විවාහ සඳහා අවසර නැත – අවමංගල්‍ය උත්සව උපරිම 10 දෙනෙකුට සීමා කෙරේ

Regional Victoria සීමා ලිහිල් කෙරේ

පසුගිය සතියේදී වික්ටෝරියා බළධාරීන් පැවසුවේ අත්‍යවශ්‍ය කාර්යයන් 05 ක් සඳහා පමණක් නිවසින් පිටතට යාමට අවසර දෙන බවයි.

Regional Victoria කලාපයෙන් කිසිදු ආසාධිතයෙකු වාර්තා නොවීම නිසා හෙට රාත්‍රී 12 සිට ඔවුන්ට එම කරුණු 05 සීමාවද ඉවත් කර ඇත.

පොදු රැස්වීම් සඳහා උපරිම 10 දෙනෙකුට සහභාගී විය හැකියි.

විවාහ සඳහා උපරිම 10 දෙනෙකුටද – අවමගුල් සඳහා උපරිම 50 දෙනෙකුටද සහභාගී විය හැකියි.

උපරිම 50 දෙනෙකු සඳහා කැෆේ සහ අවන්හල් විවෘත කල හැකියි.