
කැන්ගරුවන් පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රියදුරන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
කැන්ගරුවන් සම්බන්ධ රිය අනතුරු මේ වනවිට විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වියළි කාලගුණය හේතුවෙන් කෑම හා ජලය සෙවීම සඳහා කැන්ගරුවන් වැඩි වශයෙන් මාර්ගවලට පැමිණෙනවා.

RAA (Royal Automobile Association) සඳහන් කර ඇත්තේ පසුගිය වසරේදී කැන්ගරු සම්බන්ධ අනතුරු 2,100 කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.
එවැනි අනතුරු වැඩිපුර සිදුවන ප්‍රදේශ කිහිපයක් ද නම් කර තිබෙනවා.

මැක්ලරන් වේල් [McLaren Vale], වයියාල්ලා [Whyalla[, පෝර්ට් ඔගස්ටා [Port Augusta], මවුන්ට් ගැම්බියර් [Mount Gambier] සහ මවුන්ට් කොම්පස් Mount Compass එම ප්‍රදේශ වනවා.
උදෑසන සහ සැන්දෑ කාලවලදී අවධානයෙන් රිය පදවන ලෙසට සහ වනාන්තර අවට මාර්ගයන්හි වේගය අඩු කරන ලෙසට ද රියදුරන්ට දැනුම් දී තිබෙනවා.