
වික්ටෝරියා රජය නිවාස සහ ව්‍යාපාර ස්ථාන සඳහා ගෑස් සම්බන්ධයෙන් පැනවූ සීමාවක් ලිහිල් කර තිබෙනවා.
ගෑස් උපකරණ භාවිතයෙන් ඉවත් කරන ලෙස මීට පෙර වික්ටෝරියා රජය ජනතාවට දැනුම්දුන්නා.
කෙසේවෙතත් දැන් රජය පවසන්නේ gas hot water උපකරණ පමණක් භාවිතයට ගත හැකි බවයි.

එහෙත් 2027 මාර්තු 1 වන දින සිට, වික්ටෝරියානු නිවාස සහ ව්‍යාපාරවල gas hot water systems හි සම්පූර්ණ ආයු කාලය අවසන් වූ පසු heat pump එකක් වැනි විදුලි විකල්පවලට මාරු විය යුතු වනවා.
ඉහළ යන බලශක්ති බිල්පත අඩු කිරීම වෙනුවෙන් සහ gas hot water systems හි කාලය ඉකුත්වන තෙක් භාවිතා කිරීමට ඉඩලබාදීම රජයේ අරමුණ වනු ඇති.

ඒ අනුව රජය පවසන්නේ gas hot water systems එක මඟින් නිවසකට වසරකට ඩොලර් 330 ක් හෝ solar මගින් ඩොලර් 520 ක් පමණ ඉතිරි කර ගත හැකි බවයි.
එමෙන්ම 2029 වන විට ඕස්ට්‍රේලියානු බලශක්ති වෙළඳපොළ ක්‍රියාකරු විසින් අපේක්ෂා කෙරෙන බලශක්ති සම්පත් හිඟය වළක්වා ගැනීමද මෙම ගෑස් සීමාවන්ගේ රජයේ අරමුණ වනවා.