
ඔස්ට්‍රේලියා උද්ධමනය වසර තුනහමාරකට කට පසු එහි අවම මට්ටමට පැමිණ තිබෙනවා.
උද්ධමන අනුපාතය සියයට 2.8 සිට සියයට 2.4 දක්වා පහත වැටී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ.
එමෙන්ම ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් අද නිකුත් කළ නවතම දත්ත වාර්තාවට අනුව මාසික පාරිභෝගික මිල දර්ශකය මැයි මාසයේදී සියයට 2.1 දක්වා පහත වැටී තිබෙනවා.

එය අප්‍රේල් මාසයේ පැවතියේ සියයට 2.4 ක් ලෙසයි.
මේ අතර ආර්ථික විශ්ලේෂකයින්ගේ විශ්වාසය වන්නේ RBA විසින් වසරේ තුන්වන වරටත් Cash Rate අඩු කිරීමක් සිදුකරනු ඇති බවයි.

සංචිත බැංකුවේ මීළඟ පොලී අනුපාත තීරණය ලබන මස 8 වනදා සිදුකිරීමට නියමිතයි.
කෙසේවෙතත් මීට පෙර ආයෝජකයින් කියාසිටියේ ලබන මාසයේ 3.85 සිට 3.60 දක්වා අනුපාත කප්පාදුවක් සිදුවනු ඇති බවයි.