Search

යුද්ධයට සිරවී සිටි ඔස්ට්‍රේලියානුවන් සියයකට වැඩියෙන් බේරාගනී

ඊශ්‍රායලයේ Tel Aviv නුවරින් ඉවත් කරන ලද ඔස්ට්‍රේලියානුවන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයින් සියයකට වැඩි පිරිසක් ඩුබායි වෙත ගොඩබස්සවා තිබෙනවා.

ඔස්ට්‍රේලියා ආරක්ෂක සහාය ඇතිව ගුවන් යානයේ පුද්ගලයින් 119 දෙනෙකු රැගෙන ආ බවයි රජය කියාසිටියේ.

කෙසේවෙතත් නැවත මෙරටට ඒමට නම් ඔවුන් විසින්ම ගුවන් ගමන් අරමුදල් සපයා ගත යුතු බව විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පැවසුවේ අතරමං වූ ඕස්ට්‍රේලියානුවන් නැවත නිවෙස්වලට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව මෙන්ම ආරක්ෂක නිළධාරීන් දැක්වූ සහයෝගයට උපහාර දක්වන බවයි.

කෙසේවෙතත් කටාර්හි ඇමරිකා ගුවන් කඳවුරකට එල්ල වූ බෝම්බ ප්‍රහාර මගින් දෝහා සිට ගුවන් ගමන් අවලංගු කිරීමෙන්  ඇතැම් ඔස්ට්‍රේලියානුවන් තවමත් මැදපෙරදිග සිරවී සිටින බවද වාර්තා වනවා.

ඔවුන් ද ඔස්ට්‍රේලියාව වෙත රැගෙන ඒමට උපකාර කිරීම සඳහා ඔස්ට්‍රේලියානු රජය අඛන්ඩව කටයුතු කරන බවයි ජිම් චාමර්ස් කියාසිටියේ.

මේ අතර මේ වනවිට ඊශ්‍රායලයේ ගුවන් අවකාශය විවෘතව පවතින අතර ගුවන් ගමන් නැවත ආරම්භ කර ඇති නමුත් සීමාවන් තවමත් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »