Search

ට්‍රම්ප් විනාශ කළා කියූ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ වී නැහැ – බුද්ධි අංශ කියයි

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ එක්සත් ජනපද ප්‍රහාර ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ නොකළ අතර එය මාස ගණනකින් පමණක් පසුබෑමට ලක් කර ඇති බව බුද්ධි අංශ පවසනවා.

පෙන්ටගනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සියේ මූලික හානි තක්සේරුවෙනුයි මේ බව තහවුරු වී ඇත්තේ.

ධවල මන්දිරය පවසන්නේ මෙම තක්සේරුව “සම්පූර්ණයෙන්ම වැරදි” බවත් එය ජනාධිපති ට්‍රම්ප් පහත් කොට සැලකීමට ගත් “පැහැදිලි උත්සාහයක්” බවයි.

ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරය පිළිබඳ වාර්තා වූ බුද්ධි තක්සේරුව පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

Truth Social හි පෙනී සිටිමින් ට්‍රම්ප් එක්සත් ජනපද මාධ්‍ය සහ ඔවුන්ගේ වාර්තාකරණයට බැණ වැදී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු පවසන්නේ නිව්යෝර්ක් ටයිම්ස් සහ CNN එක්ව ඉතිහාසයේ සාර්ථකම මිලිටරි ප්‍රහාරය විනාශ කිරීමේ උත්සහයක නිරතවෙමින් සිටින බවයි.

 

ඇල්බනීස්ට තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු රහසින් හමුවෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »