
අද දිනයේත් ඇතැම් ප්‍රදේශවලට තද සුළං දිගින් දිගටම පවතින අතර සිඩ්නි සිට පිටත්වන ඇතැම් ගුවන් ගමන් අත්හිටුවීම් හෝ ප්‍රමාදවීම්ද වාර්තා වනවා.
අඩු පීඩන තත්ත්වය දැනටමත් ප්‍රාන්ත කිහිපයකට දැඩි සුළං සහ වර්ෂාව ලබාදෙමින් පවතිනවා.
අද දිනයේ නිව් සවුත්වේල්ස් හරහා හමාගිය දැඩි සුළං තත්වය හේතුවෙන් සිඩ්නි ගුවන් තොටුපළේ ගුවන් ගමන් මෙහෙයුම්වලට බලපෑම් එල්ල වුණ බව සඳහන්.

ගුවන් තොටුපළ ප්‍රකාශකයෙකු කියාසිටියේ ගුවන් තොටුපළ වෙත යාමට පෙර මගීන් තම ගුවන් ගමන් තත්වය පිළිබඳ පරික්ෂා කරන ලෙසයි.
ක්වන්ටාස් ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකි සෑම දෙයක්ම සිදුකරන බව පවසා ඇති අතර වර්ජින් සමාගම ගුවන් ගමන් අවලංගු කිරීමට සිදුවූ බව පැවසුවා.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයට ඊයේ පැනවූ කාලගුණ අනතුරු ඇඟවීම් තත්වය මේ වනවිට පහව ගොස් ඇතැයි කාලගුණ විද්‍යා කාර්යංශය පවසනවා.
වික්ටෝරියාව හරහා බටහිර සිට නිරිත දෙසින් හමන සුළං අඩුවෙමින් පවතින නමුත් අද උදෑසන සහ දහවල් කාලයේ ප්‍රාන්තයේ වෙරළබට ප්‍රදේශයන්හි තද වැසි ඇති විය හැකි බවයි කාර්යංශය කියාසිටියේ.
මෙල්බන් නගරයට අද දහවල් ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින අතර පැයට කිලෝ මීටර් 25 සිට 35 දක්වා වේගයෙන් සුළං හමනු ඇතැයි ද කාලගුණ අනාවැකි පළකරනවා.
කෙසේවෙතත් අද රාත්‍රිය වනවිට සුළං වේගය පැයට කිලෝමීටර් 15 සිට 25 දක්වා අඩු වන බවද කාලගුණ විද්‍යා කාර්යංශය පෙන්වාදෙනවා.