Search

ඔස්ට්‍රේලියාවේ රිය අනතුරු වැඩිකරන watch එකක්

රිය පැදවීමේදී  smart watch භාවිතා කරන්නන්ට  දඩ ගෙවීමට සිදුවන බව පොලීසිය සදහන් කර තිබෙනවා.

මෙම දඩ මුදල් ප්‍රමාණය ප්‍රාන්තය අනුව ඩොලර් 125 සිට ඩොලර් 2000 දක්වා වනවා.

මෙලෙස දඩ නියම කිරීමට හේතුව ලෙස පොලීසිය පවසන්නේ රිය පදවන විට  smart watch  දැනුම්දීම් කියවීමට අවධානය යොමුකිරීම අනතුරක අවදානම දෙගුණ කිරීමට හේතු වන බවයි.

මේ සදහා තත්පර කිහිපයක් පමණක් ගත වුවද ඔස්ට්‍රේලියාවේ සිදුවන  මාර්ග අනතුරු වලින් 16% ක් පමණ අවධානය වෙනතකට යොමු කිරීමෙන් සිදු වූ ඒවා බවයි වාර්තා වන්නේ.

බොහෝ නීතිඥයන් සඳහන් කරන්නේ  ඔස්ට්‍රේලියානුවන් වැඩි දෙනෙක් smartwatch භාවිතය සඳහා දඩ නියම කල හැකි බව නොදන්නා බවයි.

වික්ටෝරියාවේ අය කරන දඩ මුදල ඩොලර් 593 වන අතර අඩු කරන ලකුණු ප්‍රමාණය 4ක් ද නඩු පවරණු ලැබුවහොත් දඩ මුදල ලෙස ඩොලර් 1976ක් ගෙවීමට සිදුවනු ඇති.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අය කරන දඩ මුදල ඩොලර් 410 ද අඩු කරන ලකුණු ප්‍රමාණය 5 ක් ද වනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඩොලර් 645ක දඩයක් සහ අඩු කරන ලකුණු ප්‍රමාණය 4 ක් ලෙසයි දැක්වෙන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »