Search

කෑම ටොන් ගණන් විසිකරන ඔස්ට්‍රේලියානුවන්ට සිදුවන පාඩුව

ඕස්ට්‍රේලියානුවන් වාර්ෂිකව ආහාර ටොන් මිලියන 7.6 ක් ඉවතදමන බව සමීක්ශණයක් මගින් අනාවරණ වී තිබෙනවා. 

ඒ සදහා සාමාන්‍ය නිවසකට ඩොලර් 2,500 ක් පමණ වැය වන බවටයි ඇස්තමේන්තු කර තිබෙන්නේ.  

RMIT විශ්ව විද්‍යාලය සහ End Food Waste ඕස්ට්‍රේලියාවේ පර්යේෂකයින් මේ සම්බන්දයෙන් සමීක්ශණයක් සිදුකර තිබෙනවා. 

ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ, අනවශ්‍ය ආහාර නාස්තිය අවම කිරීම සදහා නිසි සැලසුම් ක්‍රියාත්මක කරන ලෙසයි. 

සහකාර මහාචාර්ය ලූකස් පාකර් අවධාරණය කරන්නේ ආහාර වල තිබෙන ලේබල් සරල කිරීම මගින් නාස්තිය අඩු කිරීම සඳහා හැකියාව පවතින බවයි. 

ආහාර අපද්‍රව්‍ය ලෙස ඉවත දැමීම නිසා ගෘහස්ථ අයවැය ඉහළ යාමෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත් කෙරෙන බවද පර්යේෂකයන් අනතුරු අඟවනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »