Search

වික්ටෝරියාවේ සුරතලුන් ඇති කරන්නන්ට සහනයක්

ජීවන වියදම් අර්බුදය ඉහළ යාම හේතුවෙන් වික්ටෝරියානු පවුල්වලට මූලික අවශ්‍යතා පවා ලබා ගැනීමට අපහසු වී තිබෙනවා. 

මේ හේතුවෙන් ඔවුන්ගේ සුරතල් සතුන් පෝෂණය කිරීම සම්බන්දයෙන් ගැටලු සහගත තත්වයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ. 

ඊට ප්‍රතිචාර ලෙස ලාභ නොලබන කණ්ඩායමක් වන පෙට්ස් ඔෆ් ද හෝම්ලස් (Pets of the Homeless) සතුන් වෙනුවෙන් ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. 

ආහාර අවශ්‍යතා සහිත සුරතලුන් වෙනුවෙන් උදවු ලබා දීමේ කටයුතු ඔවුන් විසින් සිදු කරමින් පවතිනවා. 

දුෂ්කර කාලවලදී පවුල්වලට ඔවුන්ගේ සුරතලුන් නීරෝගීව තබා ගැනීමට උදවු ලබා දිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

ඒ සදහා සහාය වන්නැයි ඔවුන් මහජනතාවගෙන්ද ඉල්ලීම් කරනවා.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »