Search

සටන් විරාමයෙන් පසු තෙල් මිල වෙනස් වුනු හැටි

ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිල 5% කින් පමණ පහත වැටී තිබෙනවා.

ඊශ්‍රායලය ඉරානය සමඟ සටන් විරාමයකට එකඟ වීමෙන් පසු තෙල්මිල මෙලෙස පහත වැටී තිබෙන බවයි වාර්තා වන්නේ.

සති දෙකකට ආසන්න ගැටුමකින් පසුවයි ඔවුන් සටන් විරාමයකට එකඟවූයේ. 

ඒ අනූව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 68 දක්වා පහත වැටුණා.

බොරතෙල් මිල ගණන් ඉහළ යාමට හේතු වූයේ තෙල් හා ගෑස් ප්‍රවාහනය කරන ප්‍රධාන නාවික මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කරන බවට ඉරානය කර තිබූ ප්‍රකාශය හේතුවෙන්. 

අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ Truth Social මගින් දැඩි අනතුරු ඇඟවීම් සිදු කරමින් සටන් විරාම කඩ නොකරන ලෙස දැනුම් දුන්නා.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »