Search

ජුනි 30 වනදායින් වීසා කල් ඉකුත් වන අයට රජයෙන් පණිවිඩයක්

 

 

වත්මන් වීසා බලපත්‍රය 2025 ජුනි 30 වනදායින් කල් ඉකුත් වීමට නියමිත නම් වීසා අලුත් කිරීම සඳහා මේ මස 30 සඳුදා සවස 7 (AEST) ට පෙර  අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ Systems maintenance එකක් ඉදිරියේදී සිදුකිරීමටයි අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ජූනි 30 වනදා රාත්‍රී 7.00 සිට ජූලි 1 අඟහරුවාදා උදේ 8.00 (AEST) දක්වා වෙබ් අඩිවියේ, අන්තර්ජාල පද්ධති සඳහා නඩත්තු කටයුතු සිදු කෙරෙනු ඇති.

අමාත්‍යාංශ වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙම කාලය තුළ ImmiAccount, eLodgement,  MHD සේවාව සහ eMedical වැනි සේවා ලබාගත නොහැකි බවයි.

Visa Entitlement Verification Online (VEVO), LEGENDcom,  Australian Trusted Trader, Employment Suitability Clearances, Detention Visitor Application සහ APEC Business Travel Card (ABTC) ද ඊට අයත්.

Humanitarian Entrants Management System (HEMS), Adult Migrant English Program Reporting and Management System (ARMS), Education Provider Report (eBIT) සහ Visa Pricing Estimator සේවා ලබා ගැනීමට ද නොහැකි වනවා.

MSI Register, Australian Migration Status (AMS) Training Portal, Online Payment Portal සහ Registration Gateway සේවා ද මෙම නඩත්තු කාලය තුළ ලබාගැනීමට නොහැකි බවයි වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

 

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »