Search

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමේ අවදානමක්

තෙල් සැපයුම අස්ථිර කළහොත් ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ඉහළ යා හැකි අතර එමගින් උද්ධමනය ඉහළ යා හැකි බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

දැනටමත් ඉන්ධන මිලෙහි සුළු වැඩිවීමක් සිදුවී ඇති අතර කලාපයේ උත්සන්න වී ඇති ගැටුම් හේතුවෙන් තවදුරටත් මිල ඉහළ යා හැකි බව ආර්ථික විශේෂඥ ෂේන් ඔලිවර් කියා සිටියා.

තෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවන්නේ නම්, පෙට්‍රල් ලීටරය ශත 25 කින් ඉහළ යනු ඇතැයි ඔහු සදහන් කළා.

තවද තෙල් බැරලයක මිල ඩොලර් 150 සීමාව ඉක්ම ගියහොත් එය උද්ධමනයට විශාල තල්ලුවක් වන බවයි විශේෂඥයින් අනතුරු අඟවන්නේ.

තෙල් මිල වැඩිවීම ආර්ථිකයේ අනෙකුත් කොටස් වෙත ගලා යන බවත් විශේෂයෙන් බැංකු පද්ධතියටද එය බලපාන බවත් විශේෂඥයින්ගේ මතය වනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »