
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට පැනවීමට නියමිත සමාජ මාධ්‍ය තහනමෙන් YouTube නිදහස් නොකළ යුතු බව E-Safety Commissioner පවසනවා.
අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම පිළිබඳ නීති කෙටුම්පත් සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් ඕස්ට්‍රේලියාවේ E-Safety Commissioner ජූලි ඉන්මන් ග්‍රාන්ට් [Julie Inman Grant], සන්නිවේදන අමාත්‍යවරිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
වැදගත් අධ්‍යාපනික අංග පැවතිය ද, දරුවන් YouTube විශාල වශයෙන් භාවිතා කිරීමෙන් වැරදි ක්‍රියාවලට යොමු වීමේ වාර්තා සහ ආකර්ෂණීය විශේෂාංග භාවිතය නිසා එය තහනමෙන් නිදහස් නොවිය යුතු බවයි E-Safety Commissioner පවසන්නේ.

E-Safety ආයතනය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ අවුරුදු 10 සිට 15 දක්වා වයස්වල දරුවන්ගෙන් 76% ක් YouTube භාවිතා කර ඇති බවයි.
එය දරුවන් මෙතෙක් භාවිතා කළ වඩාත් ජනප්‍රියම සමාජ මාධ්‍ය App එක බව ද එහිදී හෙළිව තිබෙනවා.

මේ අතර සන්නිවේදන අමාත්‍යවරිය විසින් අදාළ නිර්දේශ සලකා බැලීමට අපේක්ෂා කරන අතර, පසුව ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.