
ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් “දැන් ක්‍රියාත්මක” බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
කරුණාකර එය උල්ලංඝනය නොකරන්නැයි ඇමරිකා ජනාධිපතිවරයා දෙරටින් ඉල්ලා සිටියා.
ට්‍රම්ප් මීට පැය කිහිපයකට පෙර සටන් විරාමයක් නිවේදනය කළ නමුත් ඉරානය කියාසිටියේ ඊශ්‍රායලය එසේ කළ හොත් පමණක් තම ප්‍රහාර නතර කරන බවයි.

කෙසේවෙතත් ඉරානයෙන් ඊයේ එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 4 දෙනෙකු මියගිය බව ඊශ්‍රායලය පවසනවා.
මේ අතර ටෙහෙරානය ද ඊයේ රාත්‍රියේ ප්‍රහාර රැසකට මුහුණදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

ඉරානය ඊයේ කටාර්හි ඇමරිකානු කඳවුරකට එල්ල කළ සාර්ථක ප්‍රහාරවලින් පසුව සටන් විරාමයකට එකඟවන ලෙස ජනාධිපති ට්‍රම්ප් නිවේදනය කළා.
සති අන්තයේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ලකළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙනුයි ඉරානය කටාර්හි එක්සත් ජනපද ගුවන් කඳවුරට මිසයිල එල්ල කළේ.
කෙසේවෙතත් එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ මෙවර සටන් විරාම ඉල්ලීමට ඊශ්‍රායලය එකඟවී ඇති බව මාධ්‍ය වාර්තා කියාසිටියා.
අරමුණු සාක්ෂාත් කර ගැනීමෙන් පසුව සටන් විරාම යෝජනාවට එකඟ වූ බව ඊශ්‍රායල රජය අවධාරණය කරනවා.