
ගෑස් උපකරණ තහනම් කිරීමට සිඩ්නි නගර සභාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව 2026 ජනවාරි 1 වනදා සිට සිඩ්නි නගර සභා පාලන ප්‍රදේශයේ ඉදි කෙරෙන සියලුම නව නිවෙස් සඳහා ගෑස් උපකරණ තහනම් වනු ඇති.
ඒ වෙනුවට විදුලි උපකරණ පමණක් භාවිතා කළ යුතු බවටයි තීරණය කර ඇත්තේ.

2027 වසර වන විට නව කාර්යාල, හෝටල් සහ සේවා සපයන මහල් නිවාසවල ද ගෑස් තහනම් කිරීමට සභාව යෝජනා කර තිබෙනවා.
මෙම වෙනස මගින් සෑම වසරකම නිවාසවල විදුලි බිල්පත්වලින් ඩොලර් [$] 626 ක් ඉතිරි කර ගත හැකි බවයි මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ.

මෙල්බන් හි ගෑස් ආහාර පිසීම පිළිබඳව පර්යේෂණ කළ ඇමරිකානු විද්‍යාඥයින් මීට පෙර කියා සිටියේ භාවිතයෙන් මිනිත්තු 30 ක් ඇතුළත වාතයේ ඇති නයිට්‍රජන් ඩයොක්සයිඩ් [nitrogen dioxide] ප්‍රමාණය ඕස්ට්‍රේලියානු එළිමහන් වායු ගුණාත්මක ප්‍රමිතියට වඩා පස් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර හෝන්ස්බි ෂයර් [Hornsby Shire], ලේන් කෝව් [Lane Cove], නිව්කාසල් නගරය [City of Newcastle], වේවර්ලි [Waverley], පැරමට්ටා [Parramatta] සහ කැනඩා බොක්ක [City of Canada Bay] යන නගර සභා සියල්ලේම නව නිවාසවල ගෑස් උපකරණ තහනම් කිරීමටයි නියමිතව ඇත්තේ.