Search

මෙල්බන් ඇතුළු වික්ටෝරියා නගර කිහිපයකට කාලගුණ අනතුරු ඇඟවීමක්

මෙල්බන් නගරය ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයට දරුණු හිම කුණාටු තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා කාර්යංශය අනතුරු අඟවනවා.

අද උදෑසන alpine ප්‍රදේශවලට බලපෑම් ඇතිවූ අතර අද දහල් සහ සවස ප්‍රාන්තයේ බටහිර සහ මධ්‍යම ප්‍රදේශවලට බලපෑම් එල්ල වී ඇති බව සඳහන්.

පැයට කිලෝ මීටර් 65 සිට 75 දක්වා වයඹ දෙසින් සුළං ඇති වන අතර උපරිම සුළං ලැයට කිලෝමීටර් 120 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

බලපෑමට ලක්විය හැකි ස්ථාන අතරට Horsham, Warrnambool, Ballarat, Geelong, Melbourne, Stawell, Hamilton, Portland සහ Wonthaggi  (හෝර්ෂම්, වෝර්නම්බූල්, බැලරට්, ගීලොන්ග්, මෙල්බර්න්, ස්ටේවෙල්, හැමිල්ටන්, පෝට්ලන්ඩ් සහ වොන්තග්ගි) ඇතුළත් වනවා.

රාජ්‍ය හදිසි සේවා අංශය ජනතාවට උපදෙස් දෙන්නේ හැකිනම් ගමන් කිරීමෙන් වළකින ලෙසයි.

ගස් වැටීම්, එළිමහනේ ඇති umbrellas සහ trampolines ආරක්ෂිතව තබන ලෙසත්, විදුලි රැහැන්වලින් ඈත්වන ලෙසත්, ගංගා මට්ටම් ඉහළ යා හැකි බැවින් අවදානයෙන් පසුවන ලෙසත් VicEmergency ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »