
Westmead රෝහලේ Neonatal Intensive Care හි (NICU) අනාරක්ෂිත තත්ත්වයන්ට විරෝධය පළ කරමින් හෙදියන් 80 ක් පමණ වැඩවර්ජනයක නිරත වුනා.
ඕස්ට්‍රේලියාවේ වඩාත්ම දියුණු ඒකකයක් වන මෙම ඒකකය, 80% ක් සඳහා පමණක් කාර්ය මණ්ඩලයක් සිටින බවයි වාර්තා වන්නේ.
එහෙත් මෙම ඒකකයේ ඉඩකඩ නොමැතිකම හේතුවෙන් රෝගී ළදරුවන්ට ගබඩා කාමරයක සිට ප්‍රතිකාර ලබා දෙන බවයි හෙදියන් පවසන්නේ.

දෙමාපියන්ද දරුවන් වෙනුවෙන් ජීවිතාරක්ෂක උපකරණ ඉල්ලා සිටියද එම උපකරණද ලබාදීම අර්බුධකාරී තත්වයකට පත්ව තිබෙනවා.
NSW nurses සහ Midwives’ Association මගින් ඇඳන් 44 සිට 50 දක්වා වැඩි කරන ලෙස මෙන්ම තවත් හෙදියන් 24 ක් සේවා සදහා ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

ආතතිය හේතුවෙන් බොහෝ කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත් වෙමින් සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
New South Wales අගමැති ක්‍රිස් මින්ස් සදහන් කලේ අරමුදල් වැඩි කිරීම තීරණය කිරීමට පෙර තත්වය විමර්ශනය කරන බවයි.