Search

NSW අයවැයෙන් ජීවන වියදම් සහන කප්පාදුවක්

නිව් සවුත් වේල්ස් භාණ්ඩාගාරික Daniel Mookheyගේ තුන්වන අයවැය මඟින් ජීවන වියදම් සහන ලබා දී නැතැයි වාර්තා වනවා.

එහෙත් ඒ මගින් ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ආයෝජන සඳහා ප්‍රමුඛත්වය ලබා දී තිබෙන බව සඳහන්.

අයවැය මඟින් child protection reforms සඳහා ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් සිදුවීමට නියමිතයි.

මෙම අයවැයේ ප්‍රධාන ආයෝජනවලින් එකක් ලෙස නිවාස ව්‍යාපෘතිය හදුන්වා දී තිබෙනවා.

පෞද්ගලික අංශයේ පදිංචිකරුවන්ට මිලදී ගැනීමට සහ කුලියට ගැනීමට නිවාස ඉදිකිරීම සඳහා ” “A nationally-led market intervention”   ඉදිකිරීම කෙරෙහි අවදානය යොමුව තිබෙනවා

මෙමගින් කොන්දේසි සහිතව නිවාස ව්‍යාපෘති සඳහා රජයට ඇපකරුවෙකු ලෙස ක්‍රියා කිරීමට ඉඩ සැලසෙනවා.

එමගින් නිව් සවුත් වේල්ස් Rural Fire Service සඳහා ඩොලර් මිලියන 34.4 ක් වෙන්කර තිබෙනවා.

හදිසි අනතුරු ඇඟවීමේ පද්ධතිය නඩත්තු කිරීම සඳහා ද ඩොලර් මිලියන 6.4 ක් වෙන් කර අතැයි සඳහන්.

ආබාධිත වයස අවුරුදු 12 සහ ඊට වැඩි ළමුන් සඳහා රැකවරණ නිවාස 44ක් සඳහා ඩොලර් මිලියන 49.2ක් වෙන්කර තිබෙනවා.

Office of the Children’s Guardian සඳහා ඩොලර් මිලියන 10ක් වෙන්කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම අයවැය මඟින් Maternity care සඳහා ඩොලර් මිලියන 105.7 ක් සහ Mental health services සඳහා ඩොලර් මිලියන 38.5 ක් ද ලබා දීමට තීරණය කර තිබෙනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »