
ඉරානය කොන්දේසි සහිතව සටන් විරාමයකට එකග වී තිබෙනවා.
ඒ සම්බන්දයෙන් ඊශ්‍රායලයෙන් නිල දැනුම් දීමක් මෙතෙක් සිදුව නැහැ.
ඊශ්‍රායලය සහ ඉරානය ‘පූර්ණ’ සටන් විරාමයකට එකඟ වී ඇති බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කලේ ඊයේ රාත්‍රී සමජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින්.

ඔහු කියා සිටියේ ඊශ්‍රායලය සහ ඉරානය අතර “පූර්ණ” සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙන බවයි.
සෑම රටක් ම තම හමුදා මෙහෙයුම් ක්‍රමයෙන් අත්හිටු වූ පසු ආසන්න වශයෙන් පැය හයක් ඇතුළත සටන් විරාමය ආරම්භ වන බව ට්‍රම්ප් පෙන්වා දෙනවා.

කාලයත් සමග සටන් ක්‍රමයෙන් අඩු වන බවත්, පැය 24කට පසු යුද්ධය නිල වශයෙන් අවසන් වන බවත් ට්‍රම්ප්ගේ නිවේදනයේ සඳහන්.