Search

ඉරානයේ Strait of Hormuz ලෝක ආර්ථිකයට බලපාන හැටි

Strait of Hormuz අවහිර කිරීමෙන් ඉරානය වළක්වාලීමට උදව් ලබාදෙන්නැයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Marco Rubio චීනයෙන් ඉල්ලා තිබෙනවා.

Strait of Hormuz ගෝලීය වශයෙන් වැදගත් වන ප්‍රධාන භාණ්ඩ ප්‍රවාහන නැව් මාර්ගයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තෙල් සැපයුම්වලට සිදුවන ඕනෑම බාධාවක් ගෝලීය ආර්ථිකයට බරපතල ලෙස බලපෑ හැකි බවද Marco Rubio පෙන්වා දෙනවා.

ඉරානයෙන් වැඩිවශයෙන් ඉන්ධන මිලදී ගනු ලබන චීනයට Strait of Hormuz වසා දැමීම බරපතල ගැටලුවක් වීමට ඉඩ පවතින බවද ඔහු සඳහන් කරනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දීමෙන් පසු, තෙල් මිලද ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනූව ඊයේ වනවිට බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 79ක් ලෙස සටහන් වුනා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »