
මත්පැන් පානය මගින් ඩිමෙන්ශියාව සහ තවත් බරපතල රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
journal Neurology සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද නව අධ්‍යයනයකිනුයි මෙම තොරතුරු අනාවරණ කර තිබෙන්නේ.
බ්‍රසීලයේ සිදු කරන ලද මෙම පර්යේෂණයට 1781 දෙනෙකුගේ මරණ පරීක්ෂණවලින් ලබාගත් දත්ත විශ්ලේෂණය කර තිබෙනවා.

මොළයටද සිදුවන මත්පැන් වල දිගුකාලීන බලපෑම් පිළිබඳවයි එහිදී හෙළිව තිබෙන්නේ.
අධික ලෙස මත්පැන් පානය කරන්නන්ට hyaline arteriolosclerosis සහ Arterial thickening සම්බන්ධ අවදානම සියයට 133 කින් වැඩි බවද සමීක්ශණයෙන් අනාවරන කර ඇතැයි සඳහන්.

මෙම ක්‍රියාවලියෙන් සිදු වන්නේ මොළයට රුධිර ප්‍රවාහය සීමා කරන අතර මතකයට හානි කිරීමයි.