
sanitary products ගැටලුවට විසදුම් සෙවීමට ඕස්ට්‍රේලියානු තරුණියක සූදානම් වනවා.
මෙම ගැටලුවෙන් කාන්තාවන් පීඩාවට පත්වන ආකාරය තමා midwife වරියක් වීමට ඉගෙන ගන්නා කාලය තුල දුටු බවයි Remy Tucker නම් තරුණිය පෙන්වා දුන්නේ.
මේ හේතුවෙන් sanitary නිෂ්පාදන නොමිලේ ලබා දීමට වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට ඇය තීරණය කර තිබෙනවා.

ඒ අනූවයි Public bathrooms තුළ ඔසප් නිෂ්පාදන සඳහා අරමුදල් සැපයීම සඳහා Digital Screen උපයෝගී කරගනිමින් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම ආරම්භ කෙරුනේ.
මේ සදහා ආදායම් එක්රැස් කරන සමාගමක් වන On The House ආරම්භ වූයේ මේ ආකාරයෙන්.

ඒ අනූව විකාශණය කෙරෙන දැන්වීම් මගින් උපයා ගන්න අරමුදල් මගින් නොමිලේ සමීපාරක්ශක ද්‍රව්‍ය ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම වී තිබෙන්නේ.
සමීක්ෂණයෙන් හෙළි වූයේ පුද්ගලයින් 153,000 ක් අතරින් තුන් දෙනෙකු හෝ සියයට 64 ක් ඔසප් නිෂ්පාදන මිලදී ගැනීමට අපහසුවෙන් සිටින බවයි.
වික්ටෝරියා ප්‍රාන්ත රජය මේ වනවිට ප්‍රාන්තය පුරා පොදු ස්ථානවල නොමිලේsanitary products ලබා දෙන බව ඇය සදහන් කරනවා.
මෙම පියවර ඉදිරියට ගෙන ගොස් 2035 වන විට කිසිදු කාන්තාවක් Menstrual poverty අත්විඳීමට ඉඩ නොතැබීම තම අරමුණ් බවයි Remy Tucker පැවසුවේ.