
Air India ගුවන් සේවය Melbourne සහ Sydneyවෙත සිදුකෙරෙන ගුවන් ගමන්තාවකාලිකව අඩු කර තිබෙනවා.
ගුවන් ගමන් වාර 7 ක් මීට පෙර ක්‍රියාත්මක වූ අතර එය පහ දක්වා අඩු කිරීමටයි සමාගම තීරණය කර ඇත්තේ.
2025 ජුනි 21 සිට අවම වශයෙන් ජූලි 15 දක්වා මෙලෙස ගුවන් ගමන් වාර අඩු වන බවයි වාර්තාවල දැක්වෙන්නේ.

සමාගම මෙම තීරණයට පැමිණ ඇත්තේ ගුවන් සමාගමේ long-haul wide-body operations 15% කින් අඩු කිරීමේ කොටසක් ලෙසයි.
බෝයිං 777 ගුවන් යානා වල ආරක්ෂක පරීක්ෂණ වැඩිදියුණු කිරීමද මෙම වැඩපිළිවෙලේ අපේක්ශාව වී තිබෙනවා.

මැදපෙරදිග සහ පකිස්ථාන ගුවන් අවකාශය වසා දැමීම් හේතුවෙන් දිගු ගුවන් ගමන් කාලයක් යානා වලට ගත කිරීමට සිදුව තිබෙනවා.
මෙම කප්පාදු කිරීම් ඕස්ට්‍රේලියාවේ මගීන් විශාල සංඛ්‍යාවකට බලපානු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.