
මැදපෙරදිග යුද ගැටුම වර්ධනය වීම හේතුවෙන් ගෝලීය ගුවන් සේවා බිඳවැටිය හැකි බවට ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඇමරිකානු ප්‍රහාර වලින් පසුව ලොව පුරා ගුවන් ගමන් වාර කිහිපයක් අත්හිටුවා ඇති අතර ඉදිරියේදි මෙම තත්වය තවත් උත්සන්න විය හැකි බව රජය කියා සිටියා.
මේ අතර යුරෝපය බලා යන ඔස්ට්‍රේලියානුවන් රැගත් ගුවන් ගමනක් British Airways සමාගම අවලංගු කිරීමෙන් පසු මගීන් විශාල ප්‍රමාණයක් ඩුබායි හි අතරමං වී තිබෙනවා .

එම නිසා ගුවන් ගමන් සහ සංචාරක සැලසුම් පිලිබඳව විශාල අවදානමක් පවතින බව ස්මාර්ට්වෙලර් වෙබ් අඩවිය හරහා රජය නිවේදනය කර සිටියා.
සියලු ගුවන් සමාගම් තම ගුවන් මාර්ග නිරන්තරයෙන් වෙනස් කිරීම නිසා හදිසි තත්වයන් වලදී මගීන්ගේ ආරන්ෂාවට විශාල තර්ජනයක් එල්ල විය හැකි බවද එහි වැඩිදුරටත් සදහන් වනවා.

මේ වන විට ඉරානයේ හා ඊශ්‍රායලයේ සිටින ඔස්ට්‍රේලියානුවන් ගෙන්වා ගැනීමට රජය විශාල පරිශ්‍රමයක් දරමින් සිටින අතර අවවාද නොතකා සංචාරය කරන මගීන්ට ප්‍රමුකත්වයක් ලබා නොදෙන බවද නිවේදනයේ සදහන්.
මෙම ගුවන් ගමන් අනතුරු ඇඟවීම් යාවත්කාලීනව සිදුකරමින් ජනතාව දැනුවත් කරන බවද රජය කියා සිටියා.