Search

අන්තර්ජාලය ඔස්සේ අලෙවි කෙරෙන ෆයිසර් එන්නත් මිළයට ගන්න එපා – ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම්දීමක්

PFIZER

අන්තර්ජාලය ඔස්සේ අලෙවියට තබා ඇති ෆයිසර් එන්නත් මිළයට ගැනීමෙන් වළකින ලෙස ෆයිසර් ආයතනය ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම් දෙනවා.

ෆයිසර් ඔස්ටේ්‍රලියා හි කළමණාකාර අධ්‍යක්ෂ මේ බව පැවසුවේ එන්නත්කරණය සම්බන්ධ වංචා වැළැක්වීම පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව හමුවේ කරුණු දක්වමිනුයි.

වසංගත තත්වය ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යාම ආරම්භවී ඇති බැවින් කෙසේ හෝ එන්නතක් ලබා ගැනීමට පුද්ගලයන් පෙළඹී සිටින බවත් එය මුල් කරගෙන අන්තර්ජාලය ඔස්සේ විවිධ වංචා සිදුවෙමින් පවතින බවත් අදාළ වාර්තාවේ සඳහන්.

ඔස්ටේ්‍රලියා සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ ජූනි අවසන් වනවිට ලක්ෂ 45 ක් සහ ඊලග කාර්තුවේදී එය ලක්ෂ 70 ක් දක්වා වැඩි කෙරෙන අන්දමින් මාත්‍රා ලබාදීම රජයේ අපේක්ෂාව බවයි.

පසුගිය නොවැම්බර් මාසයේදී ෆයිසර් මාත්‍රා මිලියන 10 ක් මිළයට ගැනීමට ඔස්ටේ්‍රලියා රජය ගිවිසුම් අත්සන් කලේය.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »