
මෙල්බන් යූද ආගමික මධ්‍යස්ථානයක් වූ සිනගෝගයට සිදුකළ ග්‍රැෆිටි ප්‍රහාරය වික්ටෝරියානු අගමැතිනි ජසින්ටා ඇලන් හෙළා දැක තිබෙනවා.
“Free Palestine” සහ “Iran is da bomb” ලෙස රතු සහ නිල් පැහැති ස්ප්‍රේ පේන්ට් මගින් ගොඩනැගිල්ලේ බිත්ති පුරා සටහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ග්‍රැෆිටි සියල්ල පිරිසිදුකරන කණ්ඩායමක් විසින් ඉවත් කර ඇති අතර ඉන් පැයක දෙකකට පසුව නැවතත් එම ස්ථානයේ ග්‍රැෆිටි ඇඳ තිබෙනවා.

මෙල්බන් පොලීසිය සදහන් කර සිටියේ ඔස්ට්‍රේලියාවේ යුදවාදය හෝ ආගමික වෛරය පදනම් කරගත් චින්තන හෝ හැසිරීම් වලට කිසිඳු ඉඩක් ලබා නොදෙන බවයි.
මෙම ක්‍රියාව සිදුකල පුද්ගලයින් සොයා දැනටමත් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලීසිය නිවේදනය කර සිටියා.

තවද ඉරාන සහ ඊශ්‍රායෙල් අතර ගැටුම් හේතුවෙන් දැඩි පීඩාවක් අත්විඳින ඔස්ට්‍රේලියාවේ සිටින සියලු දෙනාටම සහයෝගය දෙන බව ජසින්ටා ඇලන් සදහන් කර සිටියා.
සිද්ධිය දුටු හෝ තොරතුරු ඇති ඕනෑම අයෙකුට Crime Stoppers වෙත පිවිස එහි දුරකතන අංකයෙන් හෝ වෙබ් අඩවිය හරහා තොරතුරු ලබාදෙන ලෙසද ඉල්ලීමක් සිදුකර තිබෙනවා.