Search

මැද පෙරදිග ගැටුම් නිසා ගුවන් ටිකට්පත් ගාස්තු ඉහළ යයිද?

ගෝලීය ගුවන් සමාගම් මැද පෙරදිග ගැටුම් පවතින ප්‍රදේශ මඟ හැරීම හෝ සේවා සම්පූර්ණයෙන්ම අත්හිටුවීම හේතුවෙන් ගුවන් ගමන් ගාස්තු ඉහළ යා හැකි බවට පුරෝකතනය කර තිබෙනවා.

ගුවන් ගමන් නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ ගුවන් සමාගම් ඉරානය, ඉරාකය සහ ඊශ්‍රායලය හරහා ගුවන් කලාපය මඟහැරීම හේතුවෙන් ඇතැම් ගුවන් ගමන් දීර්ඝ වන බවයි.

එම නිසා භාවිතා කරන ඉන්ධන ප්‍රමාණයන් වැඩි වී ගුවන් ගමනක පිරිවැය ඉහළ යන බව ගුවන් සමාගම් පෙන්වා දෙනවා.

තවද දිනපතාම ගුවන් යානා මාර්ග සැලසුම් කරමින් Ops Group වැනි ගුවන් ගමන් අවදානම් නිරීක්ෂණය කරන සමාගම් මගින් තොරතුරු ලබාගැනීමද සිදුකරන බව ගුවන් සමාගම් සදහන් කර සිටියා.

මේ හේතුවෙන් ගුවන් සමාගම් අමතර මෙහෙයුම් පිරිවැය මගීන් වෙත පැවරුවහොත් ගුවන් ටිකට්පත් වල මිල ඉහළ යා හැකි බවයි අනාවරණය වන්නේ.

තවත් බලපෑමක් ලෙස ගුවන් ගමන් අවලංගු කරන මගීන් සංඛ්‍යාව වැඩි වි ඉහළ ආරක්ෂාවක් සහිත ගුවන් සමාගම් වලට ඇති ඉල්ලුමද වැඩිවිය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »