Search

නොබෙල් ත්‍යාගයට නම් කර දිනකට පසු ට්‍රම්ප්ගේ ඉරාන ප්‍රහාරය පකිස්තානය හෙළා දකී

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට පකිස්තානය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

නමුත් ඊයේ දිනයේදී පකිස්තානය විසින් ඉන්දියාව සමඟ ඇතිකරගත් ගැටුම අවසන් කිරීමට උපකාර කළායැයි පවසමින් නෝබෙල් සාම ත්‍යාගය සඳහා ට්‍රම්ප් නම් කර තිබුනා.

එහි සඳහන් වූයේ ඔහු ” උපායමාර්ගික දූරදර්ශීභාවයක් සහ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකත්වයක් පෙන්නුම් කර ඇති රාජ්‍ය නායකයෙක්” බවයි.

කෙසේ වෙතත්, පාකිස්තානය සිය නවතම ප්‍රකාශයේ සඳහන් කරන්නේ ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙලීමට ට්‍රම්ප් ගත් තීරණය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි.

ඉරානයට එරෙහිව පවතින ප්‍රහාර මගින් ඇති වූ ප්‍රචණ්ඩත්වය පිළිබඳව සෑම දිනකම දැඩි ලෙස කනස්සල්ලට පත්වෙන බව පකිස්තාන විදේශ අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

තවද පකිස්තාන අගමැති ෂෙහබාස් ෂරීෆ්, ඉරාන ජනාධිපති මසූද් පේසෙෂ්කියාන් වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇමරිකානු ප්‍රහාරවලට පකිස්තානය දැඩි විරෝධය පළ කරන බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

පකිස්තානයේ කරචි නගරයේ දහස් ගනනක් ජනතාවද ඇමෙරිකාවට හා ඊශ්‍රායෙලයට විරුද්ධව විරෝධතා ද පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »

ඇන්තනී අල්බනීස්ට ‘Pretty stupid ‘ ලෙස තර්ජනයක්

අගමැති ඇන්තනී අල්බනීස්ට තර්ජන සම්බන්ධයෙන් මෙල්බන් හී පදිංචිකරුවෙකුව අත් අඩංගුවට ගෙන තිබෙනවා. 42 හැවිරිදි ඩේල් බර්න් නම් මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය හරහා Pretty stupid ලෙස

Read More »