Search

YouTube,UberEats ඇතුලු App ගණනාවක ආදායමට Tax ගහන්න ඔස්ට්‍රේලියාව සූදානම්

ඔස්ට්‍රේලියාවේ රජය විසින් gig economy හෙවත් Online ක්‍රම ඔස්සේ මුදල් උපයන පුද්ගලයිගෙන් ද බදු අය කර ගැනීමට ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව OnlyFans, UberEats,YouTube, DoorDash, Airtasker, හා Patreon යන ඩිජිටල් App භාවිතා කර මුදල් උපයන්නන්ගේ නිවැරදි ආදායමට අදාලව බදු අය කිරීමට නියමිතයි.

එම App අයත් සමාගම් සමග සෘජුවම සම්බන්ද වෙමින් ඔස්ට්‍රේලියානු බදු දෙපාර්තමේන්තුව ආදායම් තොරතුරු ලබාගන්න බවයි වාර්තා වන්නේ.

මෙම යෙදුම් මගින් ලබාගන්නා ත්‍යාග,වාහන,ඇදුම් හා සංචාරය කිරීමට වෙන් කරගන්නා ස්ථාන ද බද්දට යටත් වනවා.

රජයේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් අන්තර්ජාලය හරහා භාණ්ඩ හෝ සේවා කුලියට දී මුදල් උපයන්නන්ගේ ආදායමද බදු කාර්යාලයට වාර්තා වන බව බදු ප්‍රධානී ජෙනී වොන්ග් සදහන් කර සිටියා.

ලැප්ටොප්, පරිගණක වැනි මෘදුකාංග, ආදායමක් උපයා ගැනීම සදහා භාවිතා කරන්නේ නම් එක් වසරකදී ඩොලර් 300 ක් දක්වා භාණ්ඩ මිලදී ගත හැකි අතර එය බද්දෙන් නිදහස් වනවා.

රජයේ මෙම නව ක්‍රමවේදය මගින් ආදායම සඟවන්නන්ගෙන් අය කළ යුතු බදු මුදල ස්වංක්‍රීයව බදු දෙපාර්තමේන්තුවට ලබාගත හැකි වනවා.

 

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »