Search

වික්ටෝරියා ජ්‍යෙෂ්ඨ සම්මානලාභියෙකුට ළමා අපයෝජන චෝදනා

පාපන්දු විනිසුරුවරයෙකු ලෙස ඔහු විසින් මෙහෙයවන ලද දරුවෙකු අපයෝජනය ලක්කිරීම සම්බන්ධයෙන් ආදිවාසී වැඩිහිටියෙකු සහ වසරේ වික්ටෝරියානු ජ්‍යෙෂ්ඨ සම්මානලාභියෙකු සිරගත කර තිබෙනවා.

72 හැවිරිදි රොබට් එක්ලස් 2021 වසරේදී, දේශීය ක්‍රීඩාව වෙනුවෙන් වික්ටෝරියානු ජ්‍යෙෂ්ඨ ස්වේච්ඡා සම්මානයක් හිමිකර ගත්තා.

වයස අවුරුදු 16 ට අඩු දරුවෙකුට අශෝභන ක්‍රියාවක් සිදු කිරීම සහ ඔහුගේ රැකවරණය යටතේ සිටින අවුරුදු 16 හෝ 17 ක දරුවෙකු ලිංගිකව හැසිරීම ඇතුළු ළමා අපයෝජන චෝදනා හතරක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා.

එක්ලස් අද මෙල්බන් ප්‍රාන්ත අධිකරණයට ඉදිරිපත් වූ අතර වසර 5 කට ආසන්න සිර දඩුවමක් නියම වී තිබෙනනවා.

ප්‍රධාන විනිසුරු අමන්දා චේම්බර්ස් පැවසුවේ, ඔහුගේ රැකවරණය යටතේ සිටි දරුවෙකුට එරෙහිව ඔහු කළ වරද විශ්වාසය කඩ කිරීමක් මෙන්ම දරුණු හැසිරීමක් බවයි.

මේ අතර ඔහුට සම්මානය වෙනුවෙන් ලැබුණු කුසලානය සහ සහතිකය ආපසු ලබාදෙන ලෙස රජය ඉල්ලීම් ලිපි යවා ඇති බව විනිසුරුවරිය දැනුම්දුන්නා.

 

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ගෝලීය අර්බුද හමුවේ ඔස්ට්‍රේලියා ව්‍යාපාරවලට සිදුවුදේ !

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »