
ඉරානයේ සිටින ඕස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන් සඳහා ලියාපදිංචි කිරීම් ආරම්භ කර ඇතැයි ඔස්ට්‍රේලියාව පවසනවා.
ඉරානයේ ආරක්ෂක තත්වය පිරිහීම මත මෙම ලියාපදිංචි කිරීම සිදුකෙරෙන බවයි ඔස්ට්‍රේලියා විදේශ කටයුතු දෙපාර්තමේන්තුව කියාසිටියේ.
ඒ අනුව ඉරානයේ සිටින ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට හෝ ස්ථිර පදිංචිකරුවන්ට crisis.dfat.gov.au හි ලියාපදිංචි වන ලෙස ඔස්ට්‍රේලියානු රජය ඉල්ලා සිටිනවා.

ටෙහෙරාන්හි පැවති ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලය අත්හිටුවීමට පසුගියදා ඔස්ට්‍රේලියාව තීරණය කළා.
කෙසේවෙතත් අර්බුදයට ලක්ව සිටින ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් රජයේ ප්‍රතිචාරයන්ට සහය දැක්වීම සඳහා ඉරාන ඔස්ට්‍රේලියානු තානාපතිවරයා එහි රැඳී සිටිනු ඇති.

ඉරානයෙන් පිටවන ඔස්ට්‍රේලියානුවන්ට සහායවීම සඳහා ඔවුන් අසර්බයිජානයේ දේශසීමා මාර්ගයට කොන්සියුලර් කාර්ය මණ්ඩලය යොදවා අති බවයි ඔස්ට්‍රේලියා රජය පවසන්නේ.
රජය ඉල්ලා සිටින්නේ ඉරානයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ට කැමති නම් ඔවුන් සමග එක්වන ලෙසත් එසේ නොමැති නම් සිටින ස්ථානවලම රැඳී සිටින ලෙසයි.
කොන්සියුලර් සහය සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක පහත දුරකථන අංක අමතන මෙන් ඉල්ලා සිටිනවා.
call +61 2 6261 3305 overseas or 1300 555 135 within Australia.