
ලබන මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ Post stamp මිල ඉහළ දැමීමට බලධාරීන් සූදානම් වනවා.
සියයට 13.3 ක මිල වැඩිවීමට විරුද්ධ නොවන බව Australian Competition and Consumer Commission (ACCC) අද තීරණය කළා.
ඒ අනුව සන්නිවේදන අමාත්‍යවරයා මෙම මිල වැඩිවීම ප්‍රතික්ෂේප නොකළහොත් ලබන ජූලි 17 වනදා සිට මිල සංශෝධනය ක්‍රියාත්මක වනු ඇති.

නව මිල ක්‍රමය යටතේ, කුඩා ලිපි සඳහා සාමාන්‍ය තැපැල් ගාස්තු ඩොලර් 1.50 සිට ඩොලර් 1.70 දක්වා වැඩි වී තිබෙනවා.
ග්‍රෑම් 125 දක්වා බර ලිපි සඳහා ඩොලර් 3 සිට ඩොලර් 3.40 දක්වා සහ විශාලතම ලිපි එනම් ග්‍රෑම් 250 ක බර ලිපි සඳහා ඩොලර් 4.50 සිට ඩොලර් 5.10 දක්වා ඉහළ යනු ඇති.

නමුත් concession stamps සහ seasonal greeting cards සඳහා මිල ඉහළ යන්නේ නැහැ.
පසුගිය වසර කිහිපය තුළ ඕස්ට්‍රේලියානු පෝස්ට් හි ලිපි සේවාවන් සඳහා සිදුවූ පාඩුව අඩු කිරීම මෙම ගාස්තු ඉහළ යාමේ අරමුණයි.