Search

ඇමරිකාව ඉරානයට කළ ප්‍රහාරයෙන් ‍තෙල් මිල ඉහළයාම බලපාන හැටි

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉහළ යන බොරතෙල් මිල කොපමණ කාලයක් පවතිනු ඇතැයිද යන්න පිළිබඳ විශේෂඥයින් අනතුරු අඟවනවා.

ඉන්ධන මිල ගණන් නිසැකවම ඉහළ යන බවයි විශේෂඥයින් පවසන්නේ.

විශේෂඥයින්ට අනුව,ඊයේ රාත්‍රිය වනවිට ගෝලීය තෙල් බැරලයක මිල ඩොලර් 7.72 කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ජුනි 13 වන දින ඊශ්‍රායලයේ හදිසි ප්‍රහාරයෙන් පසු තෙල් මිල සියයට 10 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

තෙල් මිලෙහි වෙනස්වීම තවදුරටත් රඳාපවතිනුයේ ඉරාන පාර්ලිමේන්තුව බොරතෙල් රැගෙන යන ප්‍රධාන වෙළඳ මාර්ගයක් වන Hormuz සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට තීරණය කරන්නේද යන්න මතයට අනුවයි.

ලොව බොරතෙල්වලින් සියයට 20 ක් පමණ මෙම Hormuz සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරනු ලබනවා.

ඊයේ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පැවසුවේ ඇමරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය තීරණය කිරීමේදී තම රටට “විවිධ විකල්ප” ඇති බවයි.

ඉරානයේ උත්තරීතර නායකයාගේ ප්‍රමුඛ උපදේශකයෙකු දැනටමත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමිය යුතු යැයි ඉල්ලා සිටිනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »