Search

ඔස්ට්‍රේලියානුවන් ගෙන්වා ගැනීමට ගිය ගුවන් යානය ඩුබායි වෙත ගොඩබස්සවයි

ඊශ්‍රායලයේ සිරවී සිටින ඔස්ට්‍රේලියානුවන් ගෙන්වා ගැනීම සඳහා පිටත්ව ගිය ගුවන් යානය ඩුබායි වෙත ගොඩබස්සවා තිබෙනවා.

මේ වන විටත් ඊශ්‍රායලයේ Tel Aviv සිට ජෝර්දානයේ Amman නගරයට බස්රථ මගින් ඔස්ට්‍රේලියානුවන් කණ්ඩායමක් සුරක්ෂිතව ගෙන ගොස් ඇති බව රජය නිවේදනය කර සිටියා.

ඊශ්‍රායලයේ සහ ජෝර්දාන් අතර Sheikh Hussein,Jordan River සහ Wadi Araba යන ස්ථාන අවස්ථානුකූලව විවෘතව හා වසා ගැනීමට හැකි බැවින් පිටවන්නන් තම තොරතුරු ලබාදීම වැදගත් වනවා.

 

කලාපය අතර අඛණ්ඩව මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර සිදුවෙන නිසා ඊශ්‍රායෙල් ගුවන් අවකාශය වසා දමා තිබෙනවා.

විදෙස් අමාත්‍ය පෙනි වොන්ග් කියා සිටියේ තවදුරටත් පිටවීමට උත්සාහ කරන පුරවැසියන්ට උදව් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවයි.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »