Search

අවුරුදු 40 ට වැඩි ඔස්ට්‍රේලියා රියදුරන්ට නිවේදනයක්

ඔස්ට්‍රේලියාවේ මැදි වයස්වල සිටින පිරිස අතර පෙනීම පිලිබද පවතින ගැටලු ඉහළ ගොස් ඇති බව පර්යේෂකයින් සොයාගෙන තිබෙනවා.

මෙම වයස් කාණ්ඩයට අයත් පුදගලයින් අතරින් 72%ක්‌ පමණ ප්‍රෙස්බියෝපියාව යන දෘෂ්ටි අපහැදිලි වීමේ තත්වයෙන් පෙළෙන අය බවයි වාර්තා වන්නේ.

මෙම දෘෂ්ටි අපහැදිලිතා ඇති රියදුරෙකුට වාහනයේ ඉදිරිපස පැහැදිලිව දැකීමට අපහසු වන අතර, දුරින් ඇති මාර්ග සංඥා වෙත ක්ෂණිකව අවධානය යොමු කිරීමටද නොහැකි වනවා.

මේ හේතුවෙන් අඩු ආලෝක තත්ත්වයන් යටතේ මාර්ගයේ රිය පැදවීමට මෙම තත්ත්වය බරපතල බලපෑම් ඇති කළ හැකි බව පර්යේෂකයින් කියා සිටියා

අඳුරු ආලෝකයක් සහිත වීදිවල පදිකයින් හඳුනා ගැනීමටද මෙම දෘෂ්ටි අපහැදිලිතා ඇති පුද්ගලයින්ට නොහැකි වන අතර මෙම ගැටලුව මාර්ග අනතුරු ඉහළයාමට හේතුවක් වන බවයි අක්ෂි වෛද්‍ය ග්‍රීෂ්මා පටෙල් සදහන් කර සිටියේ.

ඇය වැඩිදුරටත් සදහන් කලේ ප්‍රෙස්බියෝපියා තත්වයට ප්‍රතිකාර ඇති නමුත් බොහෝ පුද්ගලයින් මේ සදහා සැළකිල්ලක් නොදක්වන බවයි.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 38 ක් පමණ පෙනීම දුර්වල වීම හේතුවෙන් රාත්‍රියේදී අක්‍රමවත් ලෙස රිය පැදවූ බව පිළිගෙන ඇති අතර සීතල, අඳුරු මාසවලදී මෙම තත්වය තවත් අයහපත් අතට හැරෙන බවට පර්යේෂකයින් අනතුරු අඟවා සිටියා.

පෙනීමේ දුර්වලතා ඇති පුද්ගලයින්ට සහ ඊට ප්‍රතිකාර නොගන්නා පුද්ගලයින්ට රාත්‍රී රිය ධාවනය නොකරන ලෙස බලධාරීන් ඉල්ලා සිටියා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »