Search

ඉරාන වැසියන් දහස් ගනනක් අගනුවර හැර යයි

ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම මධ්‍යයේ මිලියන 10 කට ආසන්න ජනගහනයක් සිටින ඉරාන අගනුවර පදිංචිකරුවන්ට ඉන් ඉවත් වන ලෙස දන්වා තිබෙනවා.

මෙම නිවේදනයෙන් පසු පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ටෙහෙරාන් නගරයෙන් පිටවී ඇති අතර ඇතැම් පිරිස් තවමත් රැදී සිටින බවයි වාර්තා වන්නේ.

පසුගිය ජුනි 13 වන දින ඊශ්‍රායලය ඉරානයට එරෙහි ගුවන් ප්‍රහාර ආරම්භ කල අතර පසුව සිවිල් වැසියන් සහ නිවාස ඉලක්ක කළ ගනිමින් ප්‍රහාර එල්ල කර සිටියා.

Human Rights News ආයතනය වාර්තා කර සිටියේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරාන වැසියන් 639කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බවයි.

මේ වන විට ටෙහෙරාන් නගරයේ වෙළඳසල් පවා වසා දමා ඇති අතර රෝහල් වල වෛද්‍යවරුන් හා සේවකයන්ද නගරයෙන් පිටවීමට අවසර ඉල්ලා තිබෙනවා.

මේ හේතුවෙන් ඉරාන අගනුවර පුරා විනාශකාරී තත්ත්වයක් උදා වී ඇති අතර සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස මානව හිමිකම් කණ්ඩායම් ඊශ්‍රායල සහ ඉරාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »