
මෙල්බන් නගරයේ එක් දිනකදී සොරකම් 3 ක් කිරීමට උත්සාහ කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් පළමුව පුද්ගලයෙකුගේ ස්කූටරයක් සොරකම් කිරීමට උත්සාහ කර ඇති අතර ඔහුගේ මුහුණට පහර දී ඇති බව ද සඳහන්.
එය අසාර්ථක වු පසු තරුණයන් දෙදෙනා තවත් පුද්ගලයෙකුගෙන් වේප් vape [e-cigarette] එකක් ඉල්ලා පිහියෙන් ඇනීමට උත්සාහ කර තිබෙනවා.

එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔවුන් එම පුද්ගලයාට පහර දී තිබෙනවා.
අනතුරුව තවත් පුද්ගලයෙකුගේ හෙඩ්ෆෝන් ලබාගැනීම සඳහා තරුණයන් කටයුතු කර ඇති අතර ඔහුගේ ඇස්වලට හානි කිරීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

එක් තරුණයෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් නිලධාරීන් 3 දෙනෙකුට පහර දී ඇති අතර, CCTV කැමරාවකට ද හානි කර තිබෙනවා.
ඔවුන් ඉදිරියේදී ළමා අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ.