Search

පාකිස්තානය නොබෙල් සාම ත්‍යාගය සඳහා ට්‍රම්ප් නිර්දේශ කරයි

 

පාකිස්තානය නොබෙල් සාම ත්‍යාගය සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන්  නිර්දේශ කර තිබෙනවා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර ප්‍රචණ්ඩත්වය ඉහළ යාමේදී ඔහුගේ තීරණාත්මක රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම උපුටා දක්වමිනුයි පකිස්ථානය මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.

වසර මුලදී රටවල් දෙක අතර දින කිහිපයක් පුරා සිදු වූ දේශසීමා ගැටුම් හේතුවෙන් බරපතල යුධ තත්ත්වයක්  ඇතිවුණා.

මැයි 8 වැනිදා, එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය සටන් විරාමයකට එළඹුනා.

පාකිස්තාන රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කලාපීය කැළඹිලි සහිත අවස්ථාවක, ජනාධිපති ට්‍රම්ප් ඉස්ලාමාබාද් සහ නවදිල්ලිය සමඟ ශක්තිමත් සම්බන්ධතා පවත්වා විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් පෙන්නුම් කළ බවයි.

ඉන් කලාපයේ මිලියන ගණනක ජනතාවකට විනාශකාරී ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුව තිබු පුළුල් ගැටුමක් වළක්වා ගැනීමට එක්සත් ජනපද ජනාධිපතිවරයා උදව් කළ බව ද එහි දැක්වෙනවා.

සැබෑ සාමය ඇති කරන්නෙකු ලෙස ඔහුගේ භූමිකාව සහ කැපවීමට මෙම මැදිහත්වීම සාක්ෂියක් බවයි පකිස්ථාන රජය සඳහන් කර ඇත්තේ.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »