Search

වික්ටෝරියාවේ කඳුකර වනාන්තර දැඩි අවදානමක

 

 

වික්ටෝරියා ප්‍රාන්තයේ කඳුකර වනාන්තර දැඩි විනාශයකට මුහුණදී ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

නිතර සිදුවන ලැව්ගිනි සහ පුනර්ජනන සහාය නොමැතිකම හේතුවෙන් alpine ash වැනි ශාඛ විශේෂ යථා තත්ත්වයට පත් කළ නොහැකි පරිදි හානියට ලක්වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විද්‍යාඥයන් පවසන්නේ මෙම වනාන්තර තවත් එක් විශාල ලැව්ගින්නකට ගොදුරු වුවහොත් සම්පූර්ණයෙන් වඳ විය හැකි බවයි.

වික්ටෝරියාවේ දැනට හෙක්ටයාර 80,000 ක් පමණ පවතින වනාන්තරය තවත දශකයක් පමණ පවතිනු ඇති බවයි මෙල්බන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙකු වන ටොම් ෆෙයාර්මන්  [Tom Fairman] සඳහන් කරන්නේ.

ඔහුගේ ගණනයට අනුව පසුගිය දශක දෙක තුළ ප්‍රාන්තයේ කඳුකර වනාන්තරවලින් අඩක් ලැව්ගිනිවලින් විනාශ වී  තිබෙනවා.

නැවත වගා කිරීමක් සිදු නොකළහොත් අනාගතයේදී මෙම භූමි සම්පත් අහිමිවීමේ අවදානමක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර වනාන්තර පද්ධියේ ආරක්ෂාව පිළිබඳ වික්ටෝරියානු රජය අකාර්යක්ෂම ලෙස කටයුතු කරමින් සිටින බවට ද විද්‍යාඥයන් චෝදනා කරනවා.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »