Search

විදේශයක අසනීප වූ ඔස්ට්‍රේලියානුවා නැවත ගෙන්වා ගැනීමට මෙහෙයුමක්

ජපානයේ දී හදිසියේ රෝගාතුර වූ ඔස්ට්‍රේලියානු ජාතිකයෙක් නැවත ගෙන්වා ගැනීම සඳහා පවුලේ සාමාජිකයින් crowdfunding මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

New South Wales හි පදිංචිව සිටි ඔහු ජපානයේ නිවාඩුවක් ගත කිරීමට ගොස් සිටියදී හදිසියේ stroke එකකට ගොදුරු වුණා.

ඔහු මේ වනවිට අර්ධ වශයෙන් අංශභාගයට ලක්වී ඇති බවයි පවුලේ සාමාජිකයින් පවසන්නේ.

ජපානයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා දිනකට අමරිකානු ඩොලර් 5000 ක මුදලක් වැය වන බවයි වාර්තා වන්නේ.

travel insurance එකක් නොතිබූ ඔහුගේ වත්මන් රෝහල් ගාස්තුව අමරිකානු ඩොලර් 130,000 ක් පමණ වනවා.

වෛද්‍ය පරීක්ෂණ සහිතව ඔහු නිවසට රැගෙන ඒම සඳහා ඇමරිකානු ඩොලර් 30,000 ක් පමණ වැය වන බවයි පවුලේ සාමාජිකයින් පවසන්නේ.

ඒ සඳහා වෛද්‍ය අධීක්ෂණය සහිත ගුවන් ගමනක් සංවිධානය කිරීමට ඔවුන් උත්සාහ කරන අතර ඊට ව්‍යාපාරික ගුවන් යානයක ආසන 9ක් හිස් කිරීමට සිදුවනවා.

විකල්පයක් ලෙස පෞද්ගලික ජෙට් යානයක් භාවිත කිරීමට හැකි වුව ද ඒ සඳහා විශාල මුදලක් වැය වන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »