Search

ට්‍රම්ප්ගේ ඉරාන ප්‍රහාරවලින් පසු ඔස්ට්‍රේලියාවේ ප්‍රතිචාර

ඉරානයේ න්‍යෂ්ටික සහ බැලැස්ටික් මිසයිල වැඩසටහන ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් බව ෆෙඩරල් රාජ්‍ය ප්‍රකාශකයෙකු පවසනවා.

එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට ප්‍රහාර එල්ල කළ බවට ජනාධිපති ට්‍රම්ප් තහවුරු කිරීමෙන් පසුවයි රාජ්‍ය ප්‍රකාශකයෙකු මේ බව පවසා ඇත්තේ.

සාමයට කාලය එළැඹ ඇති බවට එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය ප්‍රකාශකයා කියාසිටියේ මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්වය ඉතා අස්ථාවර බවයි.

ඉරානයේ සහ ඊශ්‍රායලයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඔස්ට්‍රේලියා රජය ඉල්ලා සිටියේ ආරක්ෂක තොරතුරු නිරීක්ෂණය කරමින් ඒවාට අනුව ක්‍රියාකරන ලෙසයි.

එමෙන්ම දෙරටින්ම ඔස්ට්‍රේලියානුවන්ට පිටත්වීමට අවශ්‍ය සහය ලබාදීමට විදේශ කටයුතු සහ වෙළද දෙපාර්තමේන්තුව ලියාපදිංචි ඔස්ට්‍රේලියානුවන් සමග මේවනවිටත් සෘජු සන්නිවේදන සිදුකරමින් සිටින බවද ප්‍රකාශකයා අවධාරණය කළා.

මේ අතර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වීඩියෝවක් පළකරමින් පවසා ඇත්තේ ඊශ්‍රායලයේ සියලුම පුරවැසියන් වෙනුවෙන් සහ සමස්ත යුදෙව් ලෝකය වෙනුවෙන්, ඇමරිකා ජනාධිපතිවරයාට සිය ස්තූතිය හදවතින්ම පිරිනමන බවයි.

 

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »

ඇන්තනී අල්බනීස්ට ‘Pretty stupid ‘ ලෙස තර්ජනයක්

අගමැති ඇන්තනී අල්බනීස්ට තර්ජන සම්බන්ධයෙන් මෙල්බන් හී පදිංචිකරුවෙකුව අත් අඩංගුවට ගෙන තිබෙනවා. 42 හැවිරිදි ඩේල් බර්න් නම් මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය හරහා Pretty stupid ලෙස

Read More »