Search

පිළිකාවකට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් නව සොයාගැනීමක්

පිළිකාවකට එරෙහිව ප්‍රතිශක්තිකරණ චිකිත්සාවක් සොයාගැනීමට ඔස්ට්‍රේලියාවේ Melanoma Institute සමත්ව තිබෙනවා.

මෙමගින් Melanoma හෙවත් සමේ ඇතිවන පිළිකා වර්ග රැසකට ප්‍රතිකාර කළ හැකි වනු ඇති බවයි එහි මහාචාර්ය  Georgina Long කියාසිටියේ.

මෙම නව ප්‍රතිශක්තිකරණ චිකිත්සාව මගින් ශරීරයට පිළිකා මර්දන ආරක්ෂක සක්‍රීය කිරීමට හැකිවන බවද ඇය සඳහන් කළා.

ශල්‍ය කර්මයට පෙර ප්‍රතිශක්තිකරණ චිකිත්සාව ලබාදීමෙන්, පිළිකාවට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය වඩා හොඳින් ක්‍රියාකිරීම මෙහිදී සිදුවනු ඇති.

Stage 3 melanoma රෝගීන් 423 දෙනෙකුගෙන් එක් කණ්ඩායමකට පළමුව ශල්‍ය කර්මයට පෙර ගෙඩිය හැකිලීම සඳහා ප්‍රතිශක්ති චිකිත්සක ඖෂධ දෙකක් ලබා දී තිබෙනවා.

ලෝන්ග් පවසන්නේ එමගින් Melanoma නැවත පැමිණීමේ අවස්ථාව සියයට 5 කටත් වඩා අඩු බවට තහවුරු කර ඇති බවයි. 

එවැනි සාර්ථක ප්‍රතිඵල නිසා ඔස්ට්‍රේලියාවේ ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය (PBS) විසින් අරමුදල් සැපයීමට ද අනුමතය ලැබී ඇතැයි Melanoma Institute සඳහන් කළා. 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »