Search

බ්‍රසීලයේ hot air balloon ගින්නේදී අහසින් වැටෙන මිනිස්සු

බ්‍රසීලයේ සිදුවූ hot air balloon අනතුරෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබෙනවා.

බ්‍රසීලයේ දකුණු ප්‍රාන්තයක් වන සැන්ටා කැටරිනා හිදී ඊයේ hot air balloon  එකක් ඉහළ ඉහසේදීම ගිනි ගෙන වේගයෙන් පොළවට පතිත වුණා.

එම අවස්ථාවේ එහි නියමුවා ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකු සිටි බවයි.

ඔවුන්ගෙන් දිවාගලවා ගත් 13 දෙනෙකු රෝහල් වෙත රැගෙන ගිය බවයි සැන්ටා කැටරිනාහි ගිනි නිවන භටයින් පවසන්නේ.

බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වින්දිතයින්ගේ පවුල්වලට සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

දිවි බේරාගත් එහි නියමුවා කියාසිටියේ කූඩය තුල ගින්නක් හට ගත් අතර බැලූනය පහත් කරන ගමන් මගීන්ට ඉන් එළියට පනින ලෙස නියෝග කළ බවයි.

බැලුනයේ පියාසර කාලය මිනිත්තු 45 ක් වූවද යාමට හැකිවූයේ මීටර් 1000 ක් පමණක් වන අතර එක් මගියෙකු ඒ වෙනුවෙන් ඩොලර් 154 ක් වැය කර තිබෙනවා.

ගින්න hot air balloon තුළ පැතිරෙත්ම පුද්ගලයින් දෙදෙනෙකු අහසින් වැටෙන ආකාරයද සමාජ මාධ්‍ය වීඩියෝවල ප්‍රචාරය වෙමින් පවතිනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »